ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය සේවා වනිතා පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාලනය වන ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ නාවික පෙර පාසැලේ වාර්ෂික විවිධ ප්‍රසංගය හා සහතිකපත් ප්‍රදානෝත්සවය උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ විධායක කමිටු සාමාජිකා අනුෂා බානගොඩ මැතිණියගේ සෘජු අධීක්‍ෂණය යටතේ 2023 දෙසැම්බර් මස 02 වන දින ශ්‍රීලංනානෞ ශික්‍ෂා ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තවද, එම උත්සව අවස්ථාව සඳහා ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් කුසල් දිසානායක ඇතුළු ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය සහ ශ්‍රීලංනානෞ ශික්ෂා යන ආයතනයන්ට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය සේවා වනිතා පෙර පාසැලේ අධික්ෂණ නිලධාරී ඇතුළු පෙර පාසල් දූ දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.