හදිසි අනතුරක් හේතුවෙන් සුසුම්නාවට හානීවී පුර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින ප්‍රවාහන සහයක එස්ඒඑස් අනුරාධ යන නාවිකයා විසින් විදුලි ඇඳක් සහ මෙට්ටයක් ලබා ගැනීමට සේවා වනිතා ඒකකය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව, එම නාවිකයා හට විදුලි ඇඳක් සහ සේවා වනිතා අරමුදල මඟින් මෙට්ටයක් පරිත්‍යාග කිරිම 2023 මැයි මස 31 වන දින ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙත ආබාධිත රණවිරුවන් විසින් සිදු කරන ලද ඉල්ලීම් අනුව ඔවුන් හට පරිත්‍යාග කිරිම සඳහා අවශ්‍ය විදුලි ඇඳන් ලබා ගැනීම සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය විසින් සිංගප්පූරුවේ මහ කරුණා බෞද්ධ සංගමයේ සහ ශ්‍රී ලංකාරාමයේ අනුශාසක ආචාර්ය අතිපූජ්‍ය කරඳටියන ගුණරතන ස්වාමීන් වහන්සේ වෙත කරන ලද ඉල්ලීමකට අනුව, උන්වහන්සේ විසින් විදුලි ඇඳන් දෙකක් (02) සේවා වනිතා ඒකකය වෙත නොමිලයේ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, ඉන් එක් විදුලි ඇඳක් (01) ප්‍රවාහන සහයක එස්ඒඑස් අනුරාධ හට පරිත්‍යාග කිරීම මෙලෙස ගරු සභාපතිතුමිය විසින් සිදුකරන ලදි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.