14 වන විජයග්‍රහණ සැමරුමට සමගාමීව ක්‍රියාන්විත රාජකාරියේදී පුර්ණ ආබාධිත තත්වයට පත්ව ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ස්ථාපිත ‘Anchorage’ රණවිරු නිකේතනයේ ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ වැඩසටහනක් 2023 මැයි මස 18 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
මෙහිදී නාවික හමුදාධිපති සහ ගරු සභාපතිතුමිය විසින් ආබාධිත නාවික රණවිරුවන් ගේ සුවදුක් විමසා ඔවුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, බටහිර නාවික විධානයට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, කමිටු සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.