නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු කමිටු සාමාජිකාවක් වෙනුවෙන් සමුදීමේ සාදයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු කමිටු සාමාජිකාවක් වන ශ්‍යාමා රාජපක්‍ෂ මැතිණිය වෙනුවෙන් සමුදීමේ සාදයක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී අනූෂා බානගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2025 අප්‍රේල් මස 24 වන දින නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවාසයේ Banquet Hall දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා නර්ථන කණ්ඩායමේ ගායන, වාදන සහ නර්ථන අංගයන් ගෙන් උත්සවය වර්ණවත් වූ අතර, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් සමුගන්නා ලද කමිටු සාමාජිකාවගේ සේවය අගයමින් සමරු තිළිණ සහ ත්‍යාග ප්‍රදානයක් ද එහිදී සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරිණියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.