සියලුම නාවික හමුදා පුද්ගලයන්ගේ සහ නාවික පවුල් වල සුභසාධනය වෙනුවෙන්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වාගේ අධීක්ෂණයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කළ 2025 අලුත් අවුරුදු පොළ විවෘත කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි අනූෂා බානගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන්, 2025 අප්‍රේල් මස 11 වැනි දින වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි.
ඒ අනුව, සේවා වනිතා අවුරුදු පොළ විවෘත කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් අවුරුදු පොළෙහි වෙළඳ කුටි නිරීක්‍ෂණය කිරීම සිදු කෙරිණි.
එමෙන්ම, නාවික හමුදා සේවා වනිතා අවුරුදු පොළ මඟින් නාවික හමුදා පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙන්ම, නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන් හට ද ඉතා සහනදායී මිළකට පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව හිමි විය.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, බටහිර නාවික විධානය භාර ආඥාපති, ධජ නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.