ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ, නාවික හමුදා සේවා වනිතා පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2025 මාර්තු මස 21 වැනි දින සේවා වනිතා විධායක කමිටු සාමාජිකා රාජිකා වර්ණකුලසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ ක්‍රීඩා පිටියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල් තුල ඉගෙනුම ලබන දු දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී අනුෂා බානගොඩ මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම ක්‍රීඩා උත්සවය සෑම පෙර පාසලකම වාර්ෂිකව පවත්වනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂීණ ආයතනයේ සේවා වනිතා පෙර පාසල් ක්‍රීඩා උත්සවය, පෙර පාසල් බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් ගරු විධායක කමිටු සාමාජිකා රාජිකා වර්ණකුලසූරිය මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව සමාරම්භය සනිටුහන් කල අතර, ක්‍රීඩා පහන් සිළුව දැල්විම දරු දැරියන් විසින් සිදු කරන ලදී. ක්‍රීඩා ඉසව් කීහිපයකින් සමන්විත වූ මෙම ක්‍රීඩා උත්සවය සඳහා ඉහළ බාලාංශය සහ පහළ බාලාංශයේ දූ දරුවන් සහභාගී විය. ක්‍රීඩා උත්සවය දරුදැරියන්ගේ සරඹ සංදර්ශනයකින් විචිත්‍රවත් වු අතර, ක්‍රීඩා උත්සවය අවසානයේ ත්‍යාග සහ සහතික ප්‍රධානය කිරීම ආරාධිත අමුත්තන් විසින් සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරිම සඳහා දරු දැරියන් විසින් නිර්මාණය කළ සමරු තිළිණයක් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත තිළිණ කිරීමද සිදු කෙරිණි.
තවද, මෙම ක්‍රීඩා උත්සවය සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය ඇතුළු දකුණූ නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් සහ පෙර පාසල් දූ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.