ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණූ ආයතනයේ පෙර පාසල් ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ, නාවික හමුදා සේවා වනිතා පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2025 මාර්තු මස 16 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ උපදෙස් අනුව ශ්‍රී ලංනානෞ ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල් තුල ඉගෙනුම ලබන දු දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී අනුෂා බානගොඩ මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම ක්‍රීඩා උත්සවය සෑම පෙර පාසලකම වාර්ෂිකව පවත්වනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සේවා වනිතා පෙර පාසල් ක්‍රීඩා උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ සේවා වනිතා විධායක කමිටු සාමාජිකා සුජීවී ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උත්සවය ආරම්භ කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා තුසිතා කරුණාතුංග මහත්මිය ඇතුළු බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් සහ පෙර පාසල් දූ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.