ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ පෙර පාසල් ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ, නාවික හමුදා සේවා වනිතා පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2025 මාර්තු මස 14 වැනි දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ උපදෙස් අනුව ශ්‍රී ලංනානෞ භරණ ක්‍රීඩා පිටියේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල් තුල ඉගෙනුම ලබන දු දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී අනුෂා බානගොඩ මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සෑම පෙර පාසලකම ක්‍රීඩා උත්සවය වාර්ෂිකව පවත්වනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ සේවා වනිතා පෙර පාසල් ක්‍රීඩා උත්සවය වයඹ නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් සහ පෙර පාසල් දූ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.