උතුරු නාවික විධානයට අයත් සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සහභාගී වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් උතුරු නාවික විධානය තුළ පවත්වා ගෙන යනු ලබන සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අනූෂා බානගොඩ මැතිණිය 2025 මාර්තු මස 14 වැනි දින සහභාගී වූ අතර‍, එම අවස්‍ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සමාජිකාවන් වන සුජීවී ද සිල්වා මහත්මිය සහ තුසිතා කරුණාතුංග මහත්මියද එක්විය.

ඒ අනුව, ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේ ස්ථාපිත සේවා වනිතා සුභසාධක වෙළඳසැල, අබාන්ස් ප්‍රදර්ශනාගාරය සහ යෝගට් ව්‍යාපෘතිය, ශ්‍රීලංනානෞ එළාර ආයතනයේ ස්ථාපිත යෝගට් ව්‍යාපෘතිය සහ ශ්‍රීලංනානෞ වසභ ආයතනයේ මැහුම්හල නිරීක්‍ෂණය කරන ලද අතර, එම සේවා වනිතා ව්‍යාපෘතීන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවිකයින් හට ඔවුන් විසින් සිදුකරනු ලබන සේවාවන් තවදුරටත් කැපවීමෙන් සහ කාර්යක්‍ෂමව ඉදිරියටත් සිදුකරන ලෙස උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ව්‍යාපෘතීන්හි අණභාර නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වී සිටියහ.