නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ගිනිකොණ නාවික විධානය තුළ පවත්වා ගෙන යනු ලබන සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අනූෂා බානගොඩ මැතිණිය 2025 මාර්තු මස 02 වැනි දින සහභාගී විය.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය තුල පවත්වා ගෙන යනු ලබන සේවා වනිතා සුභසාධක වෙළඳසැල, අබාන්ස් ප්‍රදර්ශනාගාරය සහ යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතිය ගරු සභාපතිනිය විසින් නිරීක්‍ෂණය කරන ලද අතර, එම සේවා වනිතා ව්‍යාපෘතීන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවිකයින් හට ඔවුන් විසින් සිදුකරනු ලබන සේවාවන් තවදුරටත් කැපවීමෙන් සහ කාර්යක්‍ෂමව ඉදිරියටත් සිදුකරන ලෙස උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ව්‍යාපෘතීන්හි අණභාර නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වී සිටියහ.