සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය නැගෙනහිර සහ උතුරුමැද විධානයට අයත් සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය සඳහා සහභාගී වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නැගෙනහිර සහ උතුරු මැද විධානයන් තුළ පවත්වා ගෙන යනු ලබන සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අනූෂා බානගොඩ මැතිණිය 2025 ජනවාරි මස 11 සහ 12 යන දෙදින සහභාගී විය.

ඒ අනුව, ශ්‍රීලංනානෞ තිස්ස, ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය සහ ශ්‍රීලංනානෞ තම්මැන්නා යන ආයතනයන්හි ස්ථාපිත සේවා වනිතා සුභසාධක වෙළඳසැල්, නාවික පෙර පාසල්, සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාර, යෝගට් ව්‍යාපෘතීන් සහ ශ්‍රීලංනානෞ තිස්ස ආයතනයේ ස්ථාපිත රූපලාවන්‍යාගාරය, ත්‍යාග භාණ්ඩ අලෙවිසැල සහ පොත් වෙළඳසැල නිරීක්ෂණය කරන ලද අතර, එම සේවා වනිතා ව්‍යාපෘතීන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවිකයින් හට ඔවුන් විසින් සිදු කරනු ලබන සේවාවන් තවදුරටත් කැපවීමෙන් සහ කාර්යක්‍ෂමව ඉදිරියටත් සිදු කරන ලෙස උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ව්‍යාපෘතීන්හි අණභාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.