නාවික හමුදා සේවා වනිතා ඒකකයේ 18 වන ගරු සභාපතිනිය වශයෙන් අනූෂා බානගොඩ මැතිණිය 2025 ජනවාරි මස 01 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ සේවා වනිතා කාර්යාලයේදී සුභ මොහොතින් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
ඒ අනුව, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, සේවා වනිතා ඒකකයේ ජ්යේෂ්ඨ අධික්ෂණ නිලධාරි, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසුරීය, නාවික හමුදා මුලස්ථායේ ජ්යේෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු එහි කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.