නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නාවික මහ රෝහල (කොළඹ) වෙත රූපවාහිනී යන්ත්‍ර දෙකක් ප්‍රදානය කරයි

නාවික මහ රෝහල (කොළඹ) වෙතින් දෛනිකව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් රූපවාහිනී යන්ත්‍ර දෙකක් ප්‍රදානය කිරීම 2024 දෙසැම්බර් මස 05 වැනි දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමා හේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් නාවික මහ රෝහල (කොළඹ) පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ඒ අනුව, සේවා වනිතා ඒකකයේ අරමුදල් මඟින් මිළදී ගන්නා ලද මෙම රූපවාහිනී යන්ත්‍ර දෙක (02) වැඩ බලන කපිතාන් වෛද්‍ය දෙපාර්තමේන්තුව (බටහිර) කොමාණ්ඩර් ධනංජය කොඩිතුවක්කු වෙත ප්‍රධානය කිරීම මෙලෙස සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික මහ රෝහලෙහි ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.