නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ප්‍රධාන සුළු නිලධාරි (නාවික පාබල) එස්ඩබ්එන්එන් සෙනරත් යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ නිවසේ අත්තිවාරම නිම කිරීම වෙනුවෙන් රු. 755,475.00 ක වටිනාකමින් යුත් ප්‍රේශණපතක් පිරිනැමීම, අද දින (2024 ඔක්තෝබර් 30) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව නාවික පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවන තත්වය නංවාලීමේ අරමුණින් සිදුකරනු ලබන සුභසාධක වැඩසටහන් අනුව, ප්‍රධාන සුළු නිලධාරි (නාවික පාබල) එස්ඩබ්එන්එන් සෙනරත් යන ජ්‍යේෂ්ඨ නාවිකයා විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, එම ජ්‍යේෂ්ඨ නාවියාගේ නිවසේ අත්තිවාරම නිම කිරීම වෙනුවෙන් රු. 755,475.00 ක වටිනාකමින් යුත් ප්‍රේශණපතක් ඔහු වෙත පිරිනැමීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.