සේවා වනිතා ඒකකය මඟින් අළුත්වැඩියා කරන ලද වැලිසර නාවික සංකීර්ණයේ විවාහක නිවාස නාවික පුද්ගලයන්ගේ පරිහරණයට

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ සංකල්පයකට අනුව, රුපියල් මිලියන 06ක මූල්‍යමය දායකත්වයෙන් අළුත්වැඩියා කරන ලද, වැලිසර නාවික සංකීර්ණයේ පිහිටි නාවික විවාහක නිවාස ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්ගේ පරිහරණය සඳහා ලබාදීම 2024 ඔක්තෝබර් මස 08 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, නාවික අණභාර නිලධාරී (වැලිසර) කොමදෝරු බුද්ධික ජයවීර, විධායක කමිටු සාමාජිකා ප්‍රියංගා කුමාරසිංහ මැතිණිය, වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී විය.