සේවා වනිතා ඒකකය මඟින් අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී දරුවන්ගේ භාවිතයට අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රදානයක්

2024 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලද ලෝක ළමා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ සංකල්පයකට අනුව, මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන පිළිකා රෝගී දරුවන්ගේ භාවිතය සඳහා ලිපිද්‍රව්‍යය, පාසැල් උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම අද දින (2024 ඔක්තෝබර් 06) එම රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පෞද්ගලික දායකත්වයෙන් ලිපිද්‍රව්‍යය ඇතුළු පාසැල් උපකරණ සමඟ සේවා වනිතා ඒකකයේ අරමුදල් මඟින් තවත් අත්‍යවශ්‍ය උපකරණ තොගයක් සහ යුනිලීවර්, ඩෙල්මා ලංකා, මැලිබන් හා හේමාස් යන ආයතනයන් වෙතින් පරිත්‍යාග ලෙස සේවා වනිතා ඒකකය වෙත ලබා දෙන ලද උපකරණ රැසක්ද පරිත්‍යාග කිරීම මෙලෙස අද දින (2024 ඔක්තෝබර් 06) මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

තවද, එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී අනූෂා බානගොඩ, සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වී සිටියහ.