නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියගේ සංකල්පයකට අනුව, ඉතා අවම පහසුකම් සහිත ත්‍රීකුණාමලය සින්නවේලි ආදවන් දමිළ විද්‍යාලයේ දූ දරුවන් වෙත ක්‍රීඩා උපකරණ සහ ත්‍රීකුණාමලය උප්පුරල් සිවශක්ති දමිළ විද්‍යාලයේ දූ දරුවන් වෙත සංගීත භාණ්ඩ හා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් මස 04 වන දින එම විද්‍යාල පරිශ්‍රයන්හිදී සිදු කෙරිණි.
ඒ අනුව, මෙම සංගීත භාණ්ඩ හා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා නාවික අණභාර නිලධාරී (ත්‍රීකුණාමලය දකුණ) කපිතාන් සංජීව කොඩිකාර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් රොනී අතුකෝරල සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වන ලදි.