නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලය වෙත මුද්‍රණ යන්ත්‍රයක් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 03 වන දින එම විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ අනුව, පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ විදුහල්පති විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, මෙලෙස මුද්‍රණ යන්ත්‍රයක් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස 2024 ඔක්තෝබර් මස 03 වන දින සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වී සිටියහ.