2024 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙනු ලෝක ළමා දිනයට සමගාමීව, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සේවා වනිතා පෙර පාසැල් කෙන්ද්‍රකර ගනිමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට කටයුතු කෙරිණි. ඒ යටතේ වැලිසර සේවා වනිතා නාවික පෙර පාසලෙහි දු දරුවන් වෙනුවෙන් ළමා වැඩසටහනක් සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක්, 2024 ඔක්තෝබර් මස 01 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි මාලා ළමාහේවා මැතිණියගේ සහ ‘Forever Skin Naturals’ ආයතනයේ අධ්‍යක්‍ෂිකා චාන්දනී බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන්, එම පෙර පාසල් පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු කෙරිණි.
ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සේවා වනිතා පෙර පාසැලේ පැවති ගායන, නර්ථන, අත්කම් නිර්මාණ ප්‍රදර්ශන සහ රසාස්වාදන අංගයන්ගෙන් සමන්විත ලෝක ළමා දින වැඩසටහන සඳහා සහභාගී වූ දූ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස, දක්ෂිණ, පණ්ඩුකාභය සහ භරණ ආයතනයන්හි ඇති සේවා වනිතා පෙර පාසැල් දරුවන් වෙනුවෙන් සිදු කෙරුණු ගායන, නර්ථන, අත්කම් නිර්මාණ ප්‍රදර්ශන සහ රසාස්වාදන අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් පැවැත්වීමෙන් අනතුරුව, එම දූ දරුවන් වෙනුවෙන් ආහාරපාන සහ ත්‍යාග ලබාදීම විධාන ආඥාපතිවරුන් හා නියෝජ්‍ය ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
තවද, සේවා වනිතා පෙර පාසැල් කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කෙරුණු, ලෝක ළමාදින වැඩසටහන් සඳහා විධාන සේවා වනිතා විධායක කමිටු සාමාජිකාවන්, අණදෙන නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින්, පෙර පාසැල් ගුරුවරියන් සහ දෙම්ව්පියන් ද සහභාගී වී සිටියහ.