නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව, රට තුළ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් වූ නාවික පුද්ගලයින් පස් දෙනෙකුගේ (05) දු දරුවන් හට ලබාදීම සඳහා රු. 53,902.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ පොත්පත් ලබාදීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ලමාහේවා මහත්මිය විසින් අද දින (2024 සැප්තැම්බර් 25) නාවික හමුදා සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
තවද, 2024 Australian Handgun/PCC වෙඩි තැබීමේ ශුරතාවලියට සහභාගී වූ සමූහ ප්‍රධාන සුළු නිලධාරී යුඑස් රොද්‍රිගෝ, ඩබ්වී 59796 යන ජ්‍යෙෂ්ඨ කාන්තා නාවිකයා වෙත ඉන්දුනීසියාව වෙත වීසා ලබාගැනීම වෙනුවෙන් වැය කරන ලද රුපියල් හතලිස් අටදාහක (රු. 48,000.00) මුදල පරිත්‍යාග කිරීම සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී එච්එම්ජේබී හේරත්, ඊඩී 38965 යන ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පියා හට Moving Walker උපකරණයක් සේවා වනිතා ඒකකයේ අරමුදලින් ලබා දීම ද සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණිය විසින් අද දින (2024 සැප්තැම්බර් 25) නාවික හමුදා සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි, ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.