සේවයේ නියුතුව සිටියදී පූර්ණ ආබාධිත තත්වයට පත් නාවික හමුදා පුද්ගලයෙකු වෙත නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් රෝද පුටුවක් ප්‍රදානය කරයි

නාවික හමුදා සේවයේ යෙදී සිටියදී පූර්ණ ආබාධිත තත්වයට පත් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවිකයෙකුගේ භාවිතය වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරීම, 2024 අගෝස්තු මස 23 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ සුරතින් සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා සේවයේ යෙදී සිටියදී විශේෂ කිමිදුම් රාජකාරි අතරතුර පූර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින විශ්‍රාමික ප්‍රධාන සුළු නිලධාරී (කිමිදුම්) ඩීඑම්එස් ජයලත් යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ ඉල්ලීමකට අනුව ඔහුගේ පරිහරණය සඳහා, නාවික හමුදාවේ සේවයේ නියුතු ඔහුගේ දියණිය වන ලුතිනන් (සැපයුම්) ඩීඑම්එස්පී ජයලත් වෙත, මෙලෙස රෝද පුටුව ප්‍රදානය කිරීම, 2024 අගෝස්තු මස 23 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.