සේරුවාවිල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ‘සහන සෙවන’ ආබාධ සහිත පුද්ගලයින් පුනරුත්තාපනය හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ භාවිතය සඳහා නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම සහ පවතින නාන කාමරයෙහි වහලය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එම ගොඩනැඟිලි ‘සහන සෙවන’ ආබාධ සහිත පුද්ගලයින් පුනරුත්තාපනය හා පුහුණු කිරීමේ ආයතනයේ භාරකාරීත්වය වෙත ලබාදීම, 2024 ජූලි මස 19 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඒ අනුව, සේරුවාවිල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ‘සහන සෙවන’ ආබාධ සහිත පුද්ගලයින් පුනරුත්තාපනය හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ භාවිතය සඳහා නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම සහ පවතින නාන කාමරයෙහි වහලය ප්‍රතිසංස්කරණය කිරීම, පරිත්‍යාගශීලියෙකු විසින් ලබා දෙන ලද ගොඩනැගිලි ද්‍රව්‍යය මඟින් සහ සේවා වනිතා ඒකකයේ අරමුදල් මඟින් සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සමාජිකා අනුෂා බානගොඩ මහත්මිය, නාවික අණභාර නිලධාරි (ත්‍රීද) කොමදෝරු රොහාන් දිසානායක, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් ප්‍රියන්ත අතුකෝරල සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.