සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) 2024 ජුලි මස 14 වන දින සිට 21 වන දින දක්වා දින අටක (08) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, ඊට සමගාමීව සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ගේ මැතිණිය වන මාරි සැන්ඩ්‍රා රොසේට් මැතිණිය (Mrs. Marie Sandra Rosette) 2024 ජුලි මස 15 වන දින වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ස්ථාපිත සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණිය, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සමාජිකා සුජීවී ද සිල්වා මහත්මිය, සේවා වනිතා කමිටු සාමාජිකාවන්, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා ඒකකයේ නිලධාරීන්, කාන්තා නිලධාරිණියන් සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී, ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.