නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් රෝගි දරුවෙකු සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු වෙනුවෙන් මුල්‍යමය පරිත්‍යාගයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නායක නැවි පීඅයි ප්‍රේමරත්න යන නාවිකයාගේ රෝගි තත්වයට පත් දරුවෙකු වෙනුවෙන් සහ බල නැවි ජේඩබ් කෲස් යන නාවිකයාගේ විශේෂ අවශ්‍යතා සහිත දියණියන් තිදෙනා වෙනුවෙන් මුල්‍යමය පරිත්‍යාගයක් පිරිනැමීම, 2024 ජූනි මස 26 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදා සේවයේ නියුතු නානැවි පීඅයි ප්‍රේමරත්න සහ බනැවි ජේඩබ් කෲස් යන නාවිකයින් විසින් තම දරුවන්ගේ අවශ්‍යතාවයන් සිදුකර ගැනීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ඉල්ලීමක් සිදුකරන ලදි. ඒ අනුව, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා මධ්‍යස්ථානය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව, එම නාවිකයින්ගේ අවශ්‍යතාවයන් සඳහා 2024 මැයි මස සිට වසරක කාල සීමාවක් එක් නාවිකයෙකු සඳහා රු. 10,000.00 ක මුදල බැඟින් ලබාදීමට එකඟතාවය පළ කර ඇති අතර, එහි පළමු වාරිකය වශයෙන් රු. 10,000.00 ක වටිනාකමින් යුත් ප්‍රේෂණපත් 02 ක් එම නාවිකයින් වෙත පිරිනැමීම, 2024 ජූනි මස 26 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.