ත්‍රිකුණාමලය සින්නවේලි ආදවන් දමිළ විද්‍යාලයේ දූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සඳහා අවශ්‍ය සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීම සහ එම විද්‍යාලයේ හා උප්පුරල් සිවශක්ති දමිළ විද්‍යාලයේ පුස්තකාල වෙත අවශ්‍ය පොත් ලබා දීම, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024 ජූනි මස 23 වන දින සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ විධායක කමිටු සාමාජිකා කුමාරි රණසිංහ මහත්මිය, විධායක කමිටු සාමාජිකාවන් වන කුමුදු ඉලේපෙරුම මහත්මිය, අනුෂා බානගොඩ මහත්මිය, තුසිතා දිසානායක මහත්මිය, කමිටු සාමාජිකා චමිලා පෙරේරා මහත්මිය, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් (නාපාබල) රොනී අතුකෝරල, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.