පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේදි දන්සැලක් පවත්වයි

2024 ජුනි මස 21 වන දිනට යෙදුණු පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ත්‍රි/මු සින්නවේලි ආදවන් දමිළ විද්‍යාලයේ සහ ත්‍රි/මු උප්පුරල් සිවශක්ති දමිළ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්, ඔවුන්ගේ දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් 500 දෙනෙකු වෙනුවෙන් ෆ්‍රයිඩ් රයිස් දන්සලක්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි මස 23 වන දින සින්නවේලි ආදවන් දමිළ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදි පැවැත්වීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ විධායක කමිටු සාමාජිකා කුමාරි රණසිංහ මහත්මිය, විධායක කමිටු සාමාජිකාවන් වන කුමුදු ඉලේපෙරුම මහත්මිය, අනුෂා බානගොඩ මහත්මිය, තුසිතා දිසානායක මහත්මිය, කමිටු සාමාජිකා චමිලා පෙරේරා මහත්මිය, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් (නාපාබල) රොනී අතුකෝරල, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.