නාවික හමුදාව මඟින් ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ ස්ථාපිත කරන ලද දහස්වැනි (1000) කිවුල් දිය ප්‍රතිආශ්‍රැතකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම, 2024 ජුනි මස 05 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, ඊට සමගාමීව එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් වෙත පාසල් උපකරණ බෙදාදීම, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ අනුව, ගල්ගමුව පාළුකඩවල ශ්‍රී සුමන විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 250 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලින්ද්‍ර ජයසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ආචාර්ය චමීර සී යාපා අබේවර්ධන මහතා, පාසලේ විදුහල්පති තුමන්, ගුරුභවතුන්, සිසු දරු දැරියන්, සහ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටියහ.