2024 මැයි මස 18 වන දිනට යෙදුණ 15 වන විජයග්‍රහණ සැමරුමට සමගාමීව ක්‍රියාන්විත රාජකාරියේදී රණක්ෂිතයට පත්ව ‘Anchorage’ රණවිරු නිකේතනයේ ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ වැඩසටහනක්, 2024 ජුනි මස 03 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී රණක්ෂිතයට පත් නාවික රණවිරුවන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමද ගරු සභාපතිතුමිය විසින් සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී අනුෂා රත්නායක මහත්මිය, නියෝජ්‍ය උප සභාපතිනී කුමාරි රණසිංහ මහත්මිය, නාවික අණභාර නිලධාරි (වැලිසර) කොමදෝරු ප්‍රසාද් ජයසිංහ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් සීකේ සමරකෝන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.