සේවා වනිතා ඒකකය මඟින් පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ සිවිල් පුද්ගලයින් වෙත දිවා ආහාරය සහ වියළි ආහාර විශයයන් ප්‍රදානයක්

සේවා වනිතා ඒකකය මඟින් නාවික හමුදා මූලස්ථාන නිලධාරි නිවාසය, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු නිලධාරි නිවාස සංකීර්ණය සහ නාවික මහ රෝහල (කොළඹ) හි සේවය කරනු ලබන පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ සිවිල් පුද්ගලයින් 50 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරය සහ වියළි ආහාර විෂයයන් ලබා දීම, 2024 මැයි මස 21 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව 2024 මැයි මස 23 වන දිනට යෙදුන වෙසක් පොහොය දිනයට සමගාමීව පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ සිවිල් පුද්ගලයින් 50 දෙනෙකු වෙනුවෙන් මෙලෙස දිවා ආහාරය සහ වියළි ආහාර විෂයයන් ලබා දීම සිදු කෙරිණි.

තවද, මෙම වැඩසටහන සදහා සේවා වනිතා ඒකකයේ නියෝජ්‍ය උප සභාපතිනී කුමාරි රණසිංහ මහත්මිය ඇතුළු සේවා වනිතා කමිටු සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි, ලේකම් ඇතුළු සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහභාගි වී සිටියහ.