නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රෝගීන්ගේ සුවදුක් විමසීමේ වැඩසටහනක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රෝගීන්ගේ සුවදුක් විමසීමේ වැඩසටහනක් පවත්වයි

මෙම වැඩසටහනේදී, රෝගීන් වෙනුවෙන් රූපවාහිනී යන්ත්‍රයක් සහ නෙබියුලයිසරයක් (Nebulizer) පරිත්‍යාග කිරීම සිදුකෙරුණු අතර, නාවික හමුදා කැලිප්‍සෝ වාදක කණ්ඩායම මඟින් සංගීතමය වැඩසටහනක් පැවැත්වීමෙන් අනතුරුව රෝගීන් වෙත දිවා ආහාරය ලබාදීමද සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ නියෝජ්‍ය උප සභාපතිනී කුමාරී රණසිංහ මැතිණිය ඇතුළු සේවා වනිතා කමිටු සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.