ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිදුකරනු ලැබූ සමාජ සත්කාරයක් වශයෙන්, සුළු නිලධාරි එස්කේපීකේ වික්‍රමසිංහ යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ මව වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරීම මෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ අධ්‍යාපන කටයුතු සඳහා ටැබ් යන්ත්‍රයක් ලබා දීම සහ එන්ජින් කාර්මික ශිල්පි III පීඑම්ආර්ඩීඒ රත්නායක (මියගිය) යන නාවිකයාගේ දරුවෙකු වෙනුවෙන් ටැබ් යන්ත්‍රයක් ලබා දීම, 2024 මැයි මස 02 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් එල්බී ෆීනෑන්ස් ආයතනය වෙත කරන ලද ඉල්ලීමකට අනුව, සේවා වනිතා ඒකකය වෙත නොමිලයේ රෝද පුටු දෙකක් (02) ලබා දුන් අතර, ඉන් එක් (01) රෝද පුටුවක්, සුළු නිලධාරි එස්කේපීකේ වික්‍රමසිංහ යන ජ්‍යේෂ්ඨ නාවිකයා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව, රෝගී තත්වයේ සිටින ඔහුගේ මව වෙනුවෙන් පරිත්‍යාග කිරීම, 2024 මැයි මස 02 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් සිදු කෙරිණි.
එමෙන්ම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් බ්‍රැන්ඩික්ස් ආයතනය වෙත කරන ලද ඉල්ලීමකට අනුව සේවා වනිතා ඒකකය වෙත නොමිලයේ ලබා දෙන ලද ටැබ් යන්ත්‍ර අතරින් එක් ටැබ් යන්ත්‍රයක්, ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදීම, 2024 මැයි මස 02 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් සිදු කෙරිණි.
තවද, එන්ජින් කාර්මික ශිල්පි III පීඑම්ආර්ඩීඒ රත්නායක (මියගිය) යන නාවිකයාගේ බිරිඳ විසින් කරන ලද ඉල්ලීමට අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ටැබ් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම, 2024 මැයි මස 02 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.