සේවයේ යෙදී සිටියදී මියගිය සුළු නිලධාරි ඩීඑම්එන්බී දිසානායක යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ නිවසේ වහලය අළුත්වැඩියා කර ගැනීම සඳහා රු. 34,000.00 ක වටිනාකමින් යුත් ප්‍රේශණපතක් ඔහුගේ දරුවෙකු වෙත පිරිනැමීම, 2024 අප්‍රේල් මස 18 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ඒ අනුව, සුළු නිලධාරි ඩීඑම්එන්බී දිසානායක යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ බිරිඳ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ආපදාවට ලක් වූ නිවසේ වහලය අළුත්වැඩියා කටයුතු සඳහා රු. 34,000.00 ක වටිනාකමින් යුත් ප්‍රේශණපතක් ඔහුගේ දරුවෙකු වෙත පිරිනැමීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.