සියලුම නාවික හමුදා පුද්ගලයන්ගේ සහ නාවික පවුල් වල සුභසාධනය වෙනුවෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කළ 2024 අලුත් අවුරුදු පොළ විවෘත කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2024 අප්‍රේල් මස 10 වන දින වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති විසින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රයෙන් අනතුරුව, සේවා වනිතා අවුරුදු පොළ විවෘත කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් අවුරුදු පොළෙහි වෙළද කුටි නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.
එමෙන්ම, නාවික හමුදා සේවා වනිතා අවුරුදු පොළ මඟින් නාවික හමුදා පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙන්ම, නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන්හට ද ඉතා සහනදායී මිලකට පරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව හිමි විය.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවී රණසිංහ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ධජ නිලධාරීන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය ඇතුළු සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.