සේරුවාවිල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ‘සහන සෙවන’ ආබාධ සහිත පුද්ගලයින් පුනරුත්තාපනය හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ භාවිතය සඳහා නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම සහ පවතින නාන කාමරයෙහි වහලය ප්‍රතිසංස්කරණය ඇතළු පහසුකම් පුළුල් කිරීමට අදාළව මුල්ගල තැබීමේ කටයුතු, 2024 මාර්තු මස 26 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඒ අනුව, සේරුවාවිල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ‘සහන සෙවන’ ආබාධ සහිත පුද්ගලයින් පුනරුත්තාපනය හා පුහුණු කිරීමේ ආයතනයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ භාවිතය සඳහා නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම සහ පවතින නාන කාමරයෙහි වහලය ප්‍රතිසංස්කරණය කිරීම නායක නැවි එම්එම්බීඒ ආරියවංශ (මියගිය) යන නාවිකයාගේ මවගේ මූල්‍යමය අනුග්‍රහය යටතේ සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇති අතර, එම ඉදිකිරීමට අදාළ මුල්ගල තැබීමේ කටයුතු 2024 මාර්තු මස 26 වන දින ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේරුවාවිල විහාරස්ථානයේ දැනට වැඩ සිටින විහාරාධිපති මුදිත ස්වාමින් වහස්සේ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා කොමදෝරු නන්දනී විජේදෝරු, නාවික අණභාර නිලධාරි (ත්‍රීද) කොමදෝරු රොහාන් දිසානායක, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් ප්‍රියන්ත අතුකෝරල යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.