නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරනු ලබන නැගෙනහිර නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පොදු භෝජනාගාරය හා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයේ කණිෂ්ඨ නාවිකයන්ගේ නිවාසය නිරීක්‍ෂණය සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ලමාහේවා මැතිණිය 2024 මාර්තු මස 26 සහ 27 යන දිනයන්හීදී සහභාගී විය.
සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව නාවික හමුදා පුද්ගලයින්ගේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් සේවා වනිතා ඒකකය මඟින් ආරම්භ කරන ලද, සියළුම විධානයන්හි ස්ථාපිත නාවික කඳවුරුවල අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතු පොදු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා සේවා වනිතා ඒකකයේ අරමුදල මඟින් එක් නාවික විධානයක් වෙනුවෙන් රු.1,000,000.00 ක මුදල බැගින් රු.7,000,000.00 වෙන් කිරීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, අදාල ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර නාවික විධානයට වෙන් කරන ලද මුදලින් රු. 240,108.00 ක මුදලක් වැය කර අලුත්වැඩියා කටයුතු නිම කරන ලද විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පොදු භෝජනාගාරය සහ රු. 435,550.00 ක මුදලක් වැය කර අලුත්වැඩියා කටයුතු නිම කරන ලද ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයේ කණිෂ්ඨ නාවිකයන්ගේ නිවාසය නිරීක්‍ෂණය සඳහා මෙලෙස 2024 මාර්තු මස 26 සහ 27 යන දිනයන්හීදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සහභාගී විය.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් අවන්තික ජයසේකර, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වී සිටියහ.