සේවා වනිතා ඒකකය මඟින් පාසැල් දු දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ ප්‍රදානයක් සහ දන්ත සායනයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස ඉතා අවම පහසුකම් සහිත ත්‍රීකුණාමලය සින්නවේලි ආදවන් දමිළ විද්‍යාලයේ දූ දරුවන් වෙත පාසැල් උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සහ පාසල් දූ දරුවන් වෙනුවෙන් දන්ත සායනයක් පැවැත්වීම, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024 මාර්තු මස 26 එම විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, ත්‍රීකුණාමලය සින්නවේලි ආදවන් දමිළ විද්‍යාලයේ දූ දරුවන් හට ප්‍රදානය කිරීම සඳහා අවශ්‍ය පොත්පත් හා පාසැල් උපකරණ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ලබාගැනීම සඳහා එම විද්‍යාලය වෙතින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව පාසැල් උපකරණ ප්‍රදානය කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස 2024 මාර්තු මස 26 වන දින සිදු කෙරුණු අතර, ඊට සමගාමීව විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් දන්ත සායනයක් පැවැත්වීම ද සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා කොමදෝරු නන්දනී විජේදෝරු, නාවික අණභාර නිලධාරි (ත්‍රීකුණාමලය දකුණ) කොමදෝරු රොහාන් දිසානායක, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් ප්‍රියන්ත අතුකෝරල සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වන ලදි.