2024 මාර්තු මස 08 වන දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ලමාහේවා මැතිණියගේ උපදෙස් පරිදි කාන්තා ව්‍යවසායකත්වය රටෙහි ආර්ථිකයට හා පවුල කෙරෙහි බලපාන ආකාරය මෙන්ම ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා මූල්‍ය කළමණාකරණය කළයුතු ආකාරය පදනම් කර ගනිමින්, කාන්තා නිලධාරීන්, කාන්තා නාවිකයින්, සහ නාවික පුද්ගලයින්ගේ භාර්යාවන් උදෙසා විශේෂ කාන්තා දින වැඩසටහනක් 2024 මාර්තු මස 23 වන දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake උත්සව ශාලාවේ දී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මුලිකත්වයෙන් පැවැත්වීමට කටයුතු කෙරිණි.
මෙම වැඩසටහන තුලදී, ‘ජාත්‍යන්තර කාන්තා පදනම’ හි නිර්මාතෘ සහ වර්තමාන සභාපතිනී සෙරෝශී ඩී. නන්දසිරි මැතිණිය සහ ‘Forever Skin Naturals’ ආයතනයේ අධ්‍යක්‍ෂිකා චාන්දනී බණ්ඩාර මැතිණිය යන ආරාධිතයින් විසින් විශේෂ දැනුවත් කිරීමේ දේශණ පවත්වන ලද අතර, ඒ සඳහා සහභාගී වූ සියළුම කාන්තාවන් හට ‘Nature Secret’, ‘Dreemron’ සහ ‘Hemas’ යන ආයතනයන්ගේ අනුග්‍රාහකත්වයෙන් ලබාදුන් ත්‍යාග ප්‍රදානය කිරීමද සිදුකෙරිණි.
එමෙන්ම, පැමිණ සිටි කාන්තාවන් අතුරින් කුසපත් ඇදීමකින් තෝරා ගත් කාන්තාවන් හට නාවික හමුදා සේවා වනිතා සුභසාධක වෙළඳසැල් මඟින් භාණ්ඩ ලබා ගැනීම සඳහා රු. 100,000.00 ක් වටිනා සේවා වනිතා ත්‍යාග වව්චර්පත් ලබාදීමටද කටයුතු කෙරිණි.
තවද, මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනී අනුෂා රත්නායක මැතිණිය, විධායක කමිටු සාමාජිකාවන්, කමිටු සාමාජිකාවන්, නාවික හමුදා මුලස්ථානය සහ නාවික විධාන නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරිණියන් සහ නාවිකයන්, නාවික පුද්ගලයින්ගේ භාර්යාවන්, සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.