ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ නාවික හමුදා සේවා වනිතා පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය, 2024 මාර්තු මස 22 වන දින සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා නිෂාමණී විජේන්ද්‍රා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ක්‍රීඩා පිටියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල්හි ඉගෙනුම ලබන දු දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී මාලා ළමාහේවා මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික පෙර පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සවය සියළුම පෙර පාසැල්වල පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලදි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ නාවික හමුදා සේවා වනිතා පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය, 2024 මාර්තු මස 22 වන දින සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා නිෂාමණී විජේන්ද්‍රා මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් කේවීඑස්එල් ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ සේවා වනිතා පෙර පාසැලේ අධික්ෂණ නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්, පෙර පාසැල් දූ දරුවන්, ගුරුවරියන් සහ දෙමව්පියන් පිරිසක් සහභාගී වී සිටියහ.