ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ, නාවික හමුදා සේවා වනිතා පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය 2024 මාර්තු මස 17 වන දින සේවා වනිතා විධායක කමිටු සාමාජිකා චම්පිකා බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් නාවික හා සාගරික විද්‍යා පීඨයේ හොකී ක්‍රීඩා පිටියේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල් තුල ඉගෙනුම ලබන දු දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී මාලා ළමාහේවා මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම ක්‍රීඩා උත්සවය සෑම පෙර පාසලකම වාර්ෂිකව පවත්වනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ සේවා වනිතා පෙර පාසල් ක්‍රීඩා උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ සේවා වනිතා විධායක කමිටු සාමාජිකා චම්පිකා බණ්ඩාර මැතිණිය විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව, ක්‍රීඩා උත්සවය ආරම්භ කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.