නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන සියලුම සේවා වනිතා නාවික පෙර පාසල්හි අණභාර නිලධාරීන්, ගුරුවරියන් සහ ගුරු සහායිකාවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් 2024 මාර්තු මස 08 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, මෙම වැඩසටහනේ ආරාධිත දේශණ සඳහා කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශනය හා උපදේශනය පිළිබඳ ආචාරිණී කුමානි බෝයගොඩ මහත්මිය සහ නාවික හමුදා වෛද්‍ය කපිතාන් තුෂානි හේනේගම සහභාගී වූ අතර, එහිදී පෙර පාසල් අණභාර නිලධාරීන්, ගුරුවරියන් සහ ගුරු සහායිකාවන් දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.
තවද, මෙම වැඩසටහන සඳහා විධායක කමිටු සාමාජිකා කුමුදු ඉලේපෙරුම මහත්මිය, කමිටු සාමාජිකා කුමාරි පීරිස් මහත්මිය, සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි, ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.