ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ගිලන්හල වෙත නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් භාණ්ඩ පරිත්‍යාගයක් සිදුකරයි

ශ්‍රී ලංක නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ගිලන්හල වෙත දෛනිකව ගිලන් රපෝර්තු කරනු ලබන නාවික සහ සිවිල් පුද්ගලයින්ගේ ප්‍රයෝජනය සඳහා සේවා වනිතා ඒකකයේ අරමුදල් මඟින් මිළදී ගන්නා ලද රූපවාහිනී යන්ත්‍රයක් සහ ප්ලාස්ටික් පුටු 30 ක ප්‍රමාණයක් අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා වෛද්‍ය රියර් අද්මිරාල් ජනක මාරඹේ වෙත පරිත්‍යාග කිරීම අද දින (2024 මාර්තු 06) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ සුරතින් සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ගිලන්හලෙහි කාර්යය මණ්ඩලය සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.