නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු ගරු උප සභාපතිනි උදේනි කුලරත්න මැතිණිය වෙනුවෙන් සමුදීමේ සාදයක්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024 පෙබරවාරි මස 16 වන දින නාවික හමුදා මුලස්ථාන නිලධාරි නිවාසයේ Banquet Hall පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා නර්ථන කණ්ඩායමේ ගායන, වාදන සහ නර්ථන අංගයන්ගෙන් උත්සවය වර්ණවත් වූ අතර, එහිදී සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා කුමුදු ඉලේපෙරුම මහත්මිය විසින් පිළිගැනීමේ කථාව සිදුකල අතර, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අනුෂා බානගොඩ මහත්මිය විසින් හිටපු ගරු උප සභාපතිනි උදේනි කුලරත්න මැතිණිය විසින් කල සේවය ඇගයීමේ කථාවක් සිදු කල අතර, එහිදී සමරු තිළිණ සහ ත්‍යාග ප්‍රධානයක්ද සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ කාන්තා නිලධාරිණියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.