නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ආර්ථික දුෂ්කරතා පවතින නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත පාසැල් උපකරණ පරිත්‍යාග කරයි

ආර්ථික දුෂ්කරතා පවතින නාවික හමුදා පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත පාසැල් උපකරණ පරිත්‍යාග කිරීම, 2024 පෙබරවාරි මස 14 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, ප්‍රධාන සුළු නිලධාරි එල්අයිපී කුමාර (මියගිය) ගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රධාන සුළු නිලධාරි කේජීඑස්සී බණ්ඩාර හා නායක නැවි බීජේඑස් පෙරේරා යන නාවික හමුදා පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් පසු, 2024 පෙබරවාරි මස 14 වන දින ඔවුන්ගේ දූ දරුවන් වෙත අවශ්‍ය පාසැල් පොත්පත් හා උපකරණ මෙලෙස පරිත්‍යාග කිරීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි, ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.