සේවයේ නියුතු නාවිකයෙකුගේ රෝගී මවක් වෙත නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් රෝද පුටුවක් ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්ත නාවිකයෙකුගේ රෝගී තත්වයෙන් පෙලෙන මවගේ භාවිතය වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරීම 2024 පෙබරවාරි මස 05 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ සුරතින් සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

නාවික හමුදා පුද්ගලයින් විසින් සානුකම්පිත හේතූන් මත රෝද පුටු ලබා ගැනීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙත සිදු කෙරෙන ඉල්ලීම් වෙනුවෙන් පරිත්‍යාග කිරීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් ‘එල්බී ෆිනෑන්ස්’ ආයතනය වෙත කරන ලද ඉල්ලීමකට අනුව, එම ආයතනය වෙතින් සේවා වනිතා ඒකකය වෙත නොමිලයේ රෝද පුටු තුනක් (03) ප්‍රදානය කෙරිණි.

ඒ අනුව, නායක වාදක එස්ඒටීඑච් ඇලෙක්සැන්ඩර්, එක්ස්බී 84923 නාවිකයා විසින් රෝගී තත්වයෙන් පෙළෙන තම මවගේ අවශ්‍යතාවය වෙනුවෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, එම රෝද පුටුව නාවිකයා වෙත ප්‍රදානය කිරීම මෙලෙස පෙබරවාරි මස 05 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි සහ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.