බරන්දන, හිඳගොල්ල ‘රන් සහන සුභසාධන සමිතිය’ විසින් කොළඹ අසරණ සරණ සමිතිය (Colombo Friend in need & Society) හා ඒකාබද්ධව 2024 පෙබරවාරි මස 04 වන දින කුරුණෑගල, අංක 704 බරන්දන ග්‍රාම නිලධාරි වසමෙහි වැවගෙදර ‘ශ්‍රී සද්ධර්මාරාමය’ කේන්ද්‍ර කරගනිමින් ප්‍රදේශවාසීන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කෙරිණි.
මෙම වැඩසටහනේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා නාවික හමුදා වෛද්‍ය අංශයේ සහ දන්ත වෛද්‍ය අංශයේ සේවය හා නාවික හමුදා ජංගම දන්ත ශල්‍යාගාරයේ සේවය ලබාදීමද එහිදී සිදු කෙරිණි.
තවද, මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය, සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය, නාවික හමුදා දන්ත වෛද්‍ය අංශයේ නිලධාරීන්, නාවික හමුදා වෛද්‍ය හා දන්ත වෛද්‍ය අංශයේ නාවිකයින් පිරිසක්ද සහභාගී වී සිටියහ.