නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නාවිකයෙකුගේ නිවසක් ඉදිකිරීම සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙයි

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අනුයුක්ත නාවිකයෙකුගේ ඉදිකරමින් පවතින නිවසේ ඉදිරිකටයුතු කරගෙන යාම සඳහා කරන ලද ඉල්ලීමකට අනුව, එම නාවිකයාගේ නිවසේ වහලය නිමකිරීම සඳහා රු. 541,800.00 ක වටිනාකමින් යුත් ප්‍රේෂණපතක් ප්‍රදානය කිරීම 2024 පෙබරවාරි මස 02 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ සුරතින් සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, නායක ප්‍රවාහන සහයක කේඒටීවී දයාරත්න යන නාවිකයා විසින් සානුකම්පිත හේතුන් මත තම ඉදිකරමින් පවතින නිවසේ වහලය නිමකිරීම සඳහා සෙවිලි තහඩු ලබා ගැනීම වෙනුවෙන් සිදුකල ඉල්ලීමකට අනුව මෙම මූල්‍ය පරිත්‍යාගය ලබා දීම සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.