නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් 2023 වර්ෂයේ සිදුකරන ලද සුභසාධක ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් 2023 වර්ෂයේ සිදුකරන ලද සුභසාධක ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි මස 30 වන දින නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවාසයේදී පැවැත්විණි.

ඒ අනුව, මෙම රුස්වීමේදී 2023 වර්ෂය තුල සේවා වනිතා ඒකකය මඟින් සිදුකරන ලද සුභසාධක ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනයක් සහ 2024 වර්ෂය සඳහා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සැලැස්මට අනුව පැවැත්වීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, කමිටු සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන් සහ කාන්තා නිලධාරිණියන් පිරිසක්ද සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.