නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නාවික මහ රෝහල (කොළඹ) වෙත ස්වයංක්‍රීයව අංක ප්‍රදර්ශනය වන ඩිජිටල් තිර දෙකක් ප්‍රදාණය කරයි

නාවික මහ රෝහල (කොළඹ) වෙතින් දෛනිකව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ඖෂධ නිකුත් කිරීමේ දී වෙන් වෙන් වශයෙන් ස්ථාපිත කර ඇති කවුළු වෙත යොමු කිරීම පහසු කිරීම සඳහා ස්වයංක්‍රීයව අංක ප්‍රදර්ශනය වන ඩිජිටල් තිර දෙකක් ප්‍රදාණය කිරීම 2024 ජනවාරි මස 26 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමා හේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් නාවික මහ රෝහල (කොළඹ) පරිශ්‍රයේදී සිදුකෙරිණි.

නාවික මහ රෝහල (කොළඹ) වෙතින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, සේවා වනිතා ඒකකයේ අරමුදල් මඟින් මිලදීගන්නා ලද මෙම ස්වයංක්‍රීයව අංක ප්‍රදර්ශනය වන ඩිජිටල් තිර දෙක සේවා වනිතා ඒකකයේ ගරු සභපති තුමිය විසින් කොමදෝරු අධිකාරී සෞඛ්‍ය සහ සේවා (බටහිර), වෛද්‍ය කොමදෝරු එස්එම්ඩී චන්ද්‍රගුප්ත වෙත භාරදීම මෙලෙස සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා කපිතාන් වෛද්‍ය දෙපාර්තමේන්තුව (බටහිර) වෛද්‍ය කපිතාන් එන්එල් උල්ලුවිස්හේවා ඇතුළු කාර්යය මණ්ඩලය සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගී විය.