අනුරාධපුර රුවන්වැලි මහා සෑය වෙත උදෑසන කිරි ආහාර පූජාවක් සහ ස්වාමීන් වහන්සේලා 25 නමක් උදෙසා දානය පිරිනැමීමේ පුණ්‍යකර්මයක්, 2024 ජනවාරි මස 07 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණිය සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහනට සමගාමීව අනුරාධපුර සාලියපුර මිත්‍ර ළමා නිවාසයේ නේවාසික බාලිකාවන් හට දිවා ආහාරය අත්‍යවශ්‍ය විෂයයන් සහ ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදු කෙරුණු අතර, දරුවන්ගේ කුසලතාවයන් වර්ධනය කර ගැනීම සඳහා සිංගර් ආයතනය වෙතින් පරිත්‍යාග කරන ලද මහන මැෂිමක් එම ළමා නිවාසය වෙත ප්‍රදානය කිරීම ද එහිදී සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, කමිටු සාමාජිකාවන් සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු කාර්යය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.