නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව, නාවික තඨාකංගණය තුළ පිහිටි ආයතනයන්ට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවික හමුදා පුද්ගලයින්ගේ සුභසාධනය ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතන පරිශ්‍රයේ ඉදිකල අභිනව ලිපි ද්‍රව්‍ය සහ පාසැල් උපකරණ අලෙවිසැල 2024 ජනවාරි මස 08 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ලමාහේවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා හා එම මැතිණිය, නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අනිල් බෝවත්ත හා එම මැතිණිය, ශ්‍රී ලංකා නාවික තඨාකංගණයට අයත් ආයතනයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් පීඑච්එස්එස් අප්පුහාමි, නාවික තඨාකංගණයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් සහ සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.